colombotimes.lk
සිංහල | English

17 May 2024

අපරාධකරුවන් 42 කට ජාත්‍යන්තර රතු නිවේදන



පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධව මෙරටින් පැන ගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නව පොලිස් මුරපොළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළා.

ඉදිරියේ දී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් මෙරටට ගෙන්වීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)