මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.
එහි අධ්‍යක්ෂ ජෙනරල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක සඳහන් කළේ එම පැමිණිලිවලට අදාළ ලිපි ගොනු වසර ගණනාවක් තිස්සේ විමර්ශන ආරම්භ නොකර තිබූ ඒවා බවයි.
ඉන් බහුතරයක් එම කාලයේ පැවති රජයන්වල මැති ඇමතිවරුන්ට එරෙහිව ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ඇතැම් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බවයි.
ඒ අනුව අදාළ පැමිණිලිවල විමර්ශන කඩිනමින් අවසන් කර වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)