පියාසර කිරීමට නියමිතව පැවති තවත් ඇමරිකානු ගුවන්යානයක ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 300කට ආසන්න පිරිසක් එම ගුවන්යානයේ සිටි බවයි.
එංජිමේ ඇතිවූ හදිසි ගින්නත් සමඟ යානයේ සිටි පිරිස වහාම ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයක මෙලෙස ගින්න හට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම යානය මගීන්ද සමඟින් එරට ෆ්ලොරිඩාහී ඕලැන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවත්වා තිබියදී මෙම ගින්න හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න ඇතිවූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බවයි.
(colombotimes.lk)