ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවට රැගෙනවිත් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේහය රැගත් පෙරහැර ශාන්ත පීතර චතුරශ්‍රය හරහා ගමන් කරන විට 20,000කට අධික විශාල ජනතාවක් රැස්වී සිය ශෝකය පළකර ඇති බවයි.
පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදී ඇති අතර ඒ සඳහා වන වේලාවන්ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
වතිකානය සඳහන් කළේ ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව එළඹෙන 26වන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බවයි.