01 July 2025

logo

තුර්කියට ප්‍රබල භූ කම්පනයක්



තුර්කියේ විශාලතම නගරය ලෙසින් සැලකෙන ඉස්තාන්බුල් හි ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපක 6.2ක ප්‍රබලත්වයෙන් සිදු වූ බවයි.  

මෙම භූ කම්පනයෙන් කිසිදු හානියක් පිළිබඳව නිෂ්චිත වාර්තා ලැබී නොමැති නමුත් ගොඩනැගිලි සෙලවූ බවට තොරතුරු ලැබී තිබෙනවා.

තුර්කි බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ අනාරක්ෂිත ගොඩනැගිලිවලට නොයන ලෙසයි.

වසර 06ක් තුළ මෙතරම් ප්‍රබල භූමිකම්පාවකට තමන් කිසිදා මුහුණදී නොමැති බව මෙයට මුහුණ දුන් ඇතැම් පුද්ගලයන් පවසා තිබෙනවා.

(colombotimes.lk)