ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය බහුතර ඡන්දයෙන් මේ සඳහා අනුමැතිය ලැබී ඇති බවයි.
වසර 02කට ආසන්න කාලයක් ගාසා - ඊශ්‍රායල් යුද ගැටුම් හටගෙන තිබෙනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ ගාසා තීරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට තමන්ට අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් ගාසා නගර අත්පත් කර ගැනීමේ මෙම තීරණයට විරුද්ධව ඊශ්‍රායල ජාතිකයන් රැසක් සිය විරෝධය දක්වා ඇති අතර රට පුරා විරෝධතා රැසක්ද මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා.
එමෙන්ම ලොව පුරා රටවල් රැසක්ද ඊශ්‍රායලයේ මෙම තීරණයට එරෙහිව අදහස් ප්‍රකාශ කර ඇති අතර එමඟින් එම රටවල්වල රාජ්‍ය නායකයන් සඳහන් කළේ අදාළ තීරණයෙන් තවත් ලේ වැගිරීම් වැඩිවන බවයි.
(colombotimes.lk)