colombotimes.lk
සිංහල | English

21 May 2024

ඉතාලි පිය - පුතු දෙපළ යාල කැලේ ජාන හොරකමක



යාල රක්ෂිතයේ ජීවත්වන සමනලුන් ඇතුළු කෘමි විශේෂ දඩයම් කර ජාන සොරකමේ යෙදී සිටි ඉතාලි ජාතික පිය පුතු දෙපළක් කටගමුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සතුන් අල්ලා මරණයට පත් කර රසායනික ද්‍රව්‍ය යොදා අසුරා විදෙස් රටකට ගෙන යාම සඳහා සූදානම් කළ බහාලුම් සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

යාල සෆාරි ජීප් රියදුරෙකුගෙන් ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයන් දෙදෙනා සොයා ගත් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)