27 March 2025


ජපානයේ සකුරා මල් සමය ප්‍රකාශ කරයි



ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපීමේ සමය ඊයේ (24) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ටෝකියෝ හී යසුකිනි සිද්ධස්ථානයේ ඇති සකුරා මල් සමය ආරම්භ වන බවට නිල වශයෙන් නිරීක්ෂණය කරන ශාකයේ මල් හට ගැනීමත් සමඟයි.

මාර්තු මස අවසන් දින කිහිපයේ සහ අප්‍රේල් මස වන විට සකුරා මල් පිපීම වැඩි වශයෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සමඟම ජපානයේ වසන්ත කාලයද ඇරඹෙන බවයි.  

එමෙන්ම සකුරා ගසක මල් පිපීම සෞභාග්‍යයේ සළකුණක් ලෙස ජපන් ජනතාව සලකනු ලබනවා.     

(colombotimes.lk)