colombotimes.lk
සිංහල | English

23 October 2024


ජොන්ස්ටන් CIDයට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

(colombotimes.lk)