කෙහෙළියගේ රුපියල් මිලියන 93ක වත්කම් තහනම් කරයි



කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

රුපියල් මිලියන 93ක වටිනාකමකින් යුත් ගිණුම් සහ වත්කම් මෙලස අත්හිටුවා ඇති බවයි එම කොමිසම නිවේදනය කළේ.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයෙකුගේ පෞද්ගලික බැංකුවකට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් මෙලෙස තහනම් කර තිබෙනවා.

(colombotimes.lk)