colombotimes.lk
සිංහල | English

05 October 2024


ගාලු පාරේ වාහන තදබදය වැඩි වෙයි? - විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට උපදෙස්



ජූලි 7 සිට 16 දක්වා පැවැත්වීමට නියමිත බෝරා සමුළුවට සමගාමීව ගාලු පාර ආශ්‍රිතව විශේෂ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම සමුළුව බම්බලපිටිය බෝරා මුස්ලිම් පල්ලියේ සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන බව සඳහන්.

ඒ අනුව පෙරවරු 8.00 සිට 11.00 දක්වා, පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පහත සඳහන් මාර්ගවල රථ වාහන සීමා පනවනු ලබන බව පොලීසිය ප්‍රකාශ කළා.

- Marine Driveහි පැල්මයිරා මාවත හරහා බම්බලපිටියට පිවිසීම

- Marine Driveහි හේග් පාර හරහා කොල්ලුපිටියට පිවිසීම

- 37 වන පටුමඟ හරහා Marine Drive වෙත පිවිසීම

- ශාන්ත ඇල්බන් පෙදෙස හරහා Marine Drive වෙත පිවිසීම

- Glen Aber Place හරහා Marine Drive වෙත පිවිසීම

- බම්බලපිටිය ශාන්ත කිල්ඩා පටුමග හරහා Marine Drive වෙත පිවිසීම

- 8 වන පටුමග හරහා Marine Drive වෙත පිවිසීම

- ගාලු පාරේ රන්සිවි පටුමග හංදිය හරහා රන්සිවි පටුමගට පිවිසීම

- ගාලු පාරේ ශාන්ත ඇල්බන් පෙදෙස හංදිය හරහා ශාන්ත ඇල්බන් පෙදෙසට පිවිසීම

- ගාලු පාරේ බම්බලපිටිය දුම්රිය ස්ථානය හංදිය හරහා බම්බලපිටිය දුම්රිය ස්ථානය පාරට පිවිසීම

- ගාලු පාරේ ආතර්ස් පෙදෙස හංදිය හරහා ආතර් පෙදෙසට පිවිසීම

- ගාලු පාරේ Glen Aber Place හංදිය හරහා Glen Aber Place වෙත පිවිසීම

- ගාලු පාරේ ශාන්ත කිල්ඩා පටුමග හංදිය හරහා ශාන්ත කිල්ඩා පටුමගට පිවිසීම

- ගාලු පාරේ 8 වන පටුමග හංදිය හරහා 8 වන පටුමගට පිවිසීම

ඒ අනුව මෙම කාලසීමාවේ රථවාහන තදබදය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා.

(colombotimes.lk)