colombotimes.lk
සිංහල | English

02 May 2024

දිස්ත්‍රික්ක 19 කට අකුණු අනතුරු ඇඟවීම්



උතුර, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලටත්, මහනුවර දිස්ත්‍රික්කයේත් සවස හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම අනාවැකියට අනුව දිස්ත්‍රික්ක 19කට රතු නිවේදන නිකුත් කර ඇති අතර දිස්ත්‍රික්ක 06කට ඇම්බර් නිවේදන නිකුත් කර තිබෙනවා. 
 
ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. 
 
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 
මෙම නිවේදනය අද රාත්‍රී 11:30 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)