colombotimes.lk
සිංහල | English

21 October 2024


ගිනි අවි නිෂ්පාදන කම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට



ගිනි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සුරියවැව වැවේගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එහිදී මෙරට නිෂ්පාදිත T කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හා තවත් අවි කොටස් ඇතුළු උපකරණ හමු වූ බවයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

(colombotimes.lk)