colombotimes.lk
සිංහල | English

06 October 2024


ලොවම හෙල්ලූ මාර්ක් සකර්බර්ග් ධනවත්ම පුද්ගලයන්ගෙන් දෙවන තැනට



Meta සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ලොව දෙවන ධනවත්ම පුද්ගලයා බවට පත් වී තිබෙනවා.

ඒ මීට පෙර එම ස්ථානයේ රැදී සිටි AMAZON සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස් තුන්වන තැනට පත් කරමින්.

මාර්ක් සකර්බර්ගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 206.2ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම මේ වසරේ දෙවන කාර්තුවේදී ඔහුගේ ආදායම 23%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තෙවන ස්ථානය හිමිකර ගත් ජෙෆ් බේසෝස්ගේ ආදායම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 205ක් ලෙසයි.    

(colombotimes.lk)