කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන සෘතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
කොරියානු ජන රජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයන්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයන් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළකර තිබෙනවා.
(colombotimes.lk)