28 July 2025

logo

මර්වින් සිල්වාගේ නඩුවකට දිනදෙයි



අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කළ අවදියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
 
ඒ මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.  

මෙම නඩුව පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කරන ලෙසට දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයේ ඉල්ලා තිබෙනවා. 

(colombotimes.lk)