colombotimes.lk
සිංහල | English

08 September 2024


PHOTOS | ඇමති හරීන් සහ ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් අතර හදිසි සාකච්ඡාවක්



ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් අතර ඊයේ (14) හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ක්‍රීඩක සංවර්ධනය, කණ්ඩායම් තේරීම සහ ක්‍රිකට් සම්බන්ධ සමස්ත ප්‍රවේශය ඇතුළත් පුළුල් සහ ක්‍රියාකාරී සැලැස්මක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ඉදිරි T20 ලෝක කුසලානය සහ 2024 වසරේ ඉතිරි තරග සඳහා නිසි සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර 19න් පහළ ක්‍රිකට් පිළිබඳව ද අවධානය යොමුකර තිබෙන අතර එහි ප්‍රවර්ධනය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව සඳහන්.

(colombotimes.lk)
May be an image of 1 person, smiling and newsroom
May be an image of 1 person
May be an image of 2 people
May be an image of 2 people, dais and text
May be an image of 6 people, people studying and text
May be an image of 2 people
May be an image of 2 people
May be an image of 1 person
May be an image of 3 people and people studying