කොරියාවේ සෙමාවුල් පදනම මඟින් නුවරඑළි දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට කාන්තා සහ ළමා කටයුතු ඇමතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහභාගී වී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය කොරියානු රජයේ අනුග්‍රහය මත නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බඹරකැලේ, ශාන්තිපුර හා කලාපුර යන ගම්මානය ත්‍රිත්වයේ කාන්තාවන්ට මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමිවනවා.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා, ඇතුළු ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් රාජ්‍ය නිළධාරීන්, ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)