12 July 2025

logo

මෝදි මියන්මාරයේ හමුදා නායකයා හමුවෙයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියන්මාරයේ හමුදා නායකයා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තායිලන්තයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවී ඇති බවයි.

එහිදී ඉන්දීය අගමැති භූ කම්පනයෙන් ජීවිත හා දේපළ අහිමි වූ මියන්මාර වැසියන් වෙත ශෝකය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම තීරණාත්මක අවස්ථාවේ මියන්මාරයේ ජනතාවට උපකාර කිරීමට ඉන්දියාව හැකි සෑම පියවරක්ම දරමින් සිටින බවයි.

එමෙන්ම එම හමුවේදී නායකයන් දෙපළ ඉන්දියාව සහ මියන්මාරය අතර ද්විපාර්ශවික සබඳතා පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.


(colombotimes.lk)