colombotimes.lk
සිංහල | English

17 May 2024

ඇමැතිවරු වෙනස් කිරීමෙන් සෞඛ්‍ය ප්‍රශ්න විසඳෙන්නේ නැහැ - නාමල්



සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා. 

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්. 
 
ඉතිහාසය දෙස බැලීමේදී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දැඩි ස්ථාවරයක් ගත යුතු බවද ඔහු සඳහන් කළා. 
 
එමෙන්ම මේ සදහා කෙටිකාලීන විසදුම් නොව ස්ථාවර හා දීර්ඝකාලීන විසදුම් ලබාදිය යුතුබවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, අමාත්‍යවරුන් මාරු කිරීමෙන් පමණක් ගැටලු විසඳිය නොහැකි බවයි.
(colombotimes.lk)