නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති මිලියන 1.3ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේදී මෙම විශේෂ මෙහෙයුම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඩිංගි යාත්‍රා 03ක් සමඟ සැකකරුවන් 05දෙනෙක්ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 44 වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් මොහොත්තුවාරම්, කුරක්කන්ගේන, වන්නිමුන්දලම සහ සින්න කුඩුරිප්පු ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බව නාවික හමුදාව සඳහන් කළා.
(colombotimes.lk)