colombotimes.lk
සිංහල | English

08 September 2024


කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ - බැසිල්



කිසිම දිනක තම පක්ෂය ජනතාව රැවටීමට උත්සාහ කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඇමරිකාවේ සිට අද (05) උදෑසන දිවයිනට පැමිණි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම තමන්ට නැවත වතාවක් පාර්ලිමේන්තු ඒමට කිසිදු අදහසක් නොමැති බව ද ඔහු කියා සිටියා.

කුමන මැතිවරණයක් පැමිණියත් එහි සංවිධාන කටයුතු තමා විසින් සිදුකරන බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)