28 July 2025

logo

නව ඌව පළාත් ප්‍රධාන ලේකම් පත් කරයි



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී. ඒ. ජී. ප්‍රනාන්දු  පත් කර තිබෙනවා. 

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඇය වෙත භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇය මෙම පත්කිරීමට පෙර බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කර තිබෙනවා. 

(colombotimes.lk)