colombotimes.lk
සිංහල | English

08 September 2024


ලබන අවුරුද්දෙ තියෙන්නෙත් මේ ආණ්ඩුව - ජනපති



ලබන වසරේදීත් මෙරට පවතින්නේ වත්මන් ආණ්ඩුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආණ්ඩුව නැති වන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඒ අනුව සංවර්ධනය සඳහා ලබා දී ඇති මුදල් ගෙන ගමට ගොස් ගමේ සංවර්ධනයට සෘජුවම දායකවන්නැයි ඉල්ලා සිටියා.

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)