colombotimes.lk
සිංහල | English

08 September 2024


මෛත්‍රී සහ මහින්ද ගුවන් සවාරි ගිය ගණන එළියට



මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ වසර 11ක කාලයේදී ශ්‍රී ලංකාව වටා අභ්‍යන්තර ගුවන් වාර 978ක් ගමන් කර තිබෙනවා.

ගුවන් හමුදා මූලස්ථානය මඟින් නිකුත් කළ තොරතුරුවල මේ බව සඳහන්.

හිටපු ජනාධිපතිවරයා වැඩිම අභන්තර ගුවන් ගමන් වාර ගණනක් ගොස් ඇත්තේ 2014 වසරේදීයි.

ඒ අනුව එම වසරේ ගොස් ඇති ගුවන් ගමන් වාර ගණන 148ක්.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වසර 5ක සිය ධූර කාලයේදී අභන්තර ගුවන් ගමන් වාර 111ක් ගමන් කර ඇති බව වාර්තා වනවා.

මෙම සියලු ගමන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා භාවිතා කර ඇති බව සඳහන්.

(colombotimes.lk)