වසරේ මේ දක්වා කාල සීමාව තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අනුව සංචාරකයන් 1,216,344ක් දිවයිනට පැමිණ ඇති බවයි.
එමෙන්ම මෙම මාසයේ පළමු දින 08 තුළ පමණක් සංචාරකයන් 48,300ක් දිවයිනට පැමිණ තිබෙනවා.
එම කාලය තුළ වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි වාර්තා වන්නේ.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 10,153ක් ලෙසයි.
(colombotimes.lk)