අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ අගෝස්තු මස 18වනදා දක්වායි.
මෙම පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන් කළේ ඔක්කම්පිටිය, ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර පොලීස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)