PHI ඝාතන සැකකරු අත්අඩංගුවට



ඇල්පිටිය, පතිරාජ මාවතේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙක්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ගිනිඅවි දෙකක් සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණ අතර වෙඩික්කරුවන් යතුරුපැදියකින් පළා යන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද විමර්ශකයින් පසුව සොයා ගනු ලැබුවා.

(colombotimes.lk)