04 July 2025

logo

ඊශ්‍රායල ප්‍රහාර වළක්වන ලෙස පලස්තීනයෙන් ඉල්ලීමක්



ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පලස්තීනය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දිනවලදී එල්ලවූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 436දෙනෙක් මිය ගොස් තිබෙන බවයි.

ඒ අතර කුඩා දරුවන් 183දෙනෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ඊයේ (19) එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 70දෙනෙක් මිය ගිය අතර හමාස් සංවිධානයට එරෙහිව සිදු කරන මෙහෙයුම් දැඩි කරන බවයි.

(colombotimes.lk)