29 March 2025


පැපුවා නිව්ගිනියා රාජ්‍යය ෆේස්බුක් අවහිර කරයි



අසත්‍ය තොරතුරු සහ අසභ්‍ය වීඩියෝ දර්ශන සංසරණය වීම හේතුවෙන් පැපුවා නිව්ගිනියාව ෆේස්බුක් වෙත ප්‍රවේශ වීම අවහිර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙරේදා සිට මෙම තහනම ආරම්භ වූ බවයි.

කෙසේ වෙතත් මෙම හදිසි තහනම විපක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන විචාරකයන්ගේ විවේචනයටද ලක්වී තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

තම රජය නිදහස් භාෂණය මර්දනය කිරීමට උත්සාහ නොකරන බව එරට ආරක්ෂක අමාත්‍ය පීටර් සියාමාලිලි ප්‍රකාශ කළා.

(colombotimes.lk)