colombotimes.lk
සිංහල | English

08 September 2024


පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි



මේ වනවිට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දිනයේ දී සුරක්ෂිත ලත් ගනුදෙනු, සමාගම් සංශෝධනය, කල්බදු මුල්‍යකරණ සංශෝධන,  උකස් සංශෝධන ඇතුළු සංශෝධන රැසක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර හෙට (21) දින විපක්ෂය ගෙන එන රටේ වර්තමාන තත්වය පිලිබඳ යෝජනාව අනුව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එය හෙට පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වෙනවා.

එමෙන්ම අනිද්දා දිනයේ දී අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

මේ කරුණු හේතුවෙන් මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව දින 03ක් රැස්වීමට නියමිතයි.
(colombotimes.lk)