මහජන බැංකුවේ 64වන සංවත්සරය නිමිති කරගනිමින් පසුගියදා ලේ දන්දීමේ කඳවුරක් පවත්වා තිබෙනවා.
ඒ කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ආපනශාලාවේදීයි.
මහජන බැංකුවේ සුබසාධක හා සේවක ණය දෙපාර්තමේන්තුව විසින් මෙම ලේ දන්දීමේ කඳවුර සංවිධානය කර තිබෙනවා.
එම ලේ දන්දීමේ කඳවුරේදී බැංකු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහය සේවා) ඉඳූමිණි රත්නායක, සහකාර සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා) මාධව කනංක හේවගේ, ප්‍රධාන කළමනාකාර (සුබසාධන සහ සේවක ණය) අජිත් රත්නායක යන මහත්ම මහත්මින් සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)