25 July 2025

logo

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් ආනයනයට සැලසුම්



සහනදායී මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. 

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ කියා සිටියේ පසුගිය වසර කිහිපය තුළ සමූපකාර දෙපාර්තමේන්තුවට අයත් ආයතන තොග වෙළෙඳාම් කටයුතුවල නිරත නොවූ බවයි.

මෙම තත්ත්වය මත අතරමැදියන් සඳහා විශාල මුදලක් ගෙවීමට සිදු වී තිබෙනවා. 

අතරමැදියන් සදහා යන වියදම් නැති කරමින් සහනදායී මිලට ජනතාවට භාණ්ඩ ලබාදීම වෙනුවෙන් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

 
(colombotimes.lk)