colombotimes.lk
සිංහල | English

08 September 2024


පොහොට්ටුව ගත් දැඩි තීරණයක් ජනපතිට දැනුම් දෙයි



සමඟි ජන බලවේගයෙන් ආණ්ඩුවට ගන්නවා යැයි කියූ 25දෙනා ඉක්මනින් ආණ්ඩුවට එක්කර ගන්නා ලෙස පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.

පසුගිය සතියේදී පොහොට්ටුව ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස සිටින තාක්කල් සජබ මන්ත්‍රීවරු ආණ්ඩුව සමඟ එක් නොවන බව ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව ප්‍රකාශ කර තිබුණා.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් කර ගැනීමට පොහොට්ටුව බාධාවක් නම් පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වීමටද සූදානම් බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කළා.

(colombotimes.lk)