දළදා පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ''මහනුවර ඇසළ පෙරහැර - 2025' තොරතුරු කළමණාකරන පද්ධතිය ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වාදී තිබෙනවා.
මෙය පරිශීලනය කරන මහජනතාවට රථ වාහන නැවත්වීම සඳහා ඇති රථගාල්, පෙරහැර ගමන් ගන්නා මාර්ගය, පෙරහැර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන සහ පැමිණි පිරිසෙන් මඟහැරෙන්නන් හමුවිය හැකි ස්ථාන සම්බන්ධව සජීවී තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
රථගාල් කළමණාකරණය කරන පොලිස් නිලධාරීන් විසින් මෙම පද්ධතිය නිරතුරුව යාවත්කාලීන කරන අතර එම තොරතුරු ක්ෂණිකව දැනගැනීම සඳහා ජනතාවට මෙය භාවිතා කිරීමට හැකියාව පවතිනවා.
www.police.lk යන පොලිස් වෙබ් අඩවියට පිවිස 'මහනුවර ඇසළ පෙරහැර' අංගයට පිවිසීමෙන් හෝ https://kandyesalaperahera.police.lk යන සබැඳියන් ඔස්සේ මෙම පද්ධතියට පිවිසීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)