colombotimes.lk
සිංහල | English

04 May 2024

ඉරාන ජනපති මත්තලින් ලංකාවට



ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට (24) උදෑසන මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහායි.

උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ඉරාන ජනපති පිළිගැනීමේ නිල උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.

දෙරටේ ජනාධිපතිවරුන්ගේ විශේෂ ප්‍රකාශයක් සහ දෙරට අතර අවබෝධතා ගිවිසුම්වලට ද එළඹීමට නියමිත බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)