මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් මාලදිවයිනේ වලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළහි විශේෂ අමුත්තන් පැමිණීමේ පර්යන්තයේදී කුඩා දැරියන් පිරිසක් අලංකාර සංස්කෘතික නර්තනයක්ද ඉදිරිපත් කළ අතර ජනපතිවරයා එම දැරියන් සමඟ කෙටි කතාබහකද නිරත වී තිබෙනවා.
(colombotimes.lk)