ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසුගේ ආරාධනයක් මත ලබන 30වනදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිත බවයි.
මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයින් ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතව තිබෙනවා.
(colombotimes.lk)