04 August 2025

logo

නවකවදය ගැන අගමැතිනියගෙන් සහතිකයක්



නවකවදය පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. 

ඒ වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් සිසු උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

(colombotimes.lk)