colombotimes.lk
සිංහල | English

20 May 2024

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක ගැටලු විසඳන යෝජනා කැබිනට්ටුවට



විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (10) 8වන දිනටත් ක්‍රියාත්මකයි.

සිය ගැටලු සඳහා එළඹෙන සඳුදා දිනය වන විට නිශ්චිත විසඳුමක් ලබා නොදුනහොත් වර්ජන ක්‍රියාමාර්ග දැඩි කරමින් අත්‍යාවශ්‍ය සේවාවලින් ද ඉවත් වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ සමලේකම් කේ. එල්. ඩී රිච්මන්ඩ් මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)