colombotimes.lk
සිංහල | English

21 May 2024

ප්‍රශ්න පත්‍ර පිට වෙලා නැහැ - විභාග කොමසාරිස්



විභාග අක්‍රමිකතා කිහිපයක් සිදු වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැළකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව තමන්ට ලැබී ඇති කරුණු මත විභාගයට පෙර සංසරණය වීමක් පිළිබඳව වාර්තා නොවන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)