02 August 2025

logo

රඹුටන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලින් රතු එළියක්



පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසර තුළ රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. 

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන් සඳහන් කළේ රඹුටන් ඵලදාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එම ගස්වලට විදුලි රැහැන් ඇදීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බවයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ මේ වන විට පුද්ගලයන් කිහිපදෙනෙක්ම ප්‍රතිකාර ලබන බව ඔහු කියා සිටියා. 

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කුඩා දරුවන්ට රඹුටන් ආහාරයට ලබාදීමේදී ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි. 

 
(colombotimes.lk)