colombotimes.lk
සිංහල | English

16 September 2024


ජනපති අපේක්ෂකයන් අතර පැවැත්වෙන විවාදයට අනුර රනිල් එයිද ?



'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදීයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ සියලුම ප්‍රධාන රුපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාලා 200කට අධික ප්‍රමාණයක හෙට ප. ව. 3.00 සිට 5.00 දක්වා මෙම විවාදය සජීවීව විකාශය කෙරෙන බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. ආරියනේත්‍රන් යන ජනාධිපති ධූර අපේක්ෂකයන් හෙට (07) දින විවාදයට සිය සහභාගීත්වය ස්ථිර කර තිබෙනවා.

මේ සඳහා සහභාගී වීම අපහසු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය දන්වා ඇති බවත් අනුර කුමාර දිසානායකගේ පැමිණීම තහවුරු කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

(colombotimes.lk)