colombotimes.lk
සිංහල | English

19 September 2024


ඡන්දයේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාවේ සහයත්



එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට ත්‍රිවිධ හමුදාව සූදානම් කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය විසින් කළ විශේෂ ඉල්ලීමකට අනුව ත්‍රිවිධ හමුදාව යෙදවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන 20 වනදා උදෑසන 08 සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියමිත පොලිස් ස්ථානවල තම රාජකාරියේ නිරතවීමට නියමිතව තිබෙනවා.   

(colombotimes.lk)