පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබෙනවා.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය පාසල්වල ගුරුවරුන් අතිරික්ත සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
එමෙන්ම ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතින බවත් මෙය මෙරට ගුරු තුලනය සම්බන්ධයෙන් දැඩිව බලපාන කරුණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)