colombotimes.lk
සිංහල | English

08 September 2024


SL Vs AFG | T20 තරගයේ ප්‍රවේශ පත්‍ර විකිණී අවසන්



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරගය සඳහා වන ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ අනුව එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසයි.

මෙම තරගයේ ප්‍රවේශපත්‍ර මිලදි ගැනීම සදහා විශාල ක්‍රිඩාලෝලීන් පිරිසක් ඊයේ (15) දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල පෝලිම්වල රැඳී සිටියා.
(colombotimes.lk)