colombotimes.lk
සිංහල | English

03 May 2024

පොදුජන පෙරමුණේ බැසිල්ගේ තනතුර පුරප්පාඩු වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සිය නව නිලධාරී මණ්ඩලය පත් කර තිබෙනවා.

නමුත් බැසිල් රාජපක්ෂ විසින් දැරූ ජාතික සංවිධායක ධූරය සඳහා කිසිවෙකු පත්කර නොමැති බවයි වාර්තා වන්නේ.

SLPP නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බව සඳහන්.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා යළිත් වරක් මහලේකම් ලෙස පත් කර තිබෙනවා.

පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කරනු ලැබුවා.

පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරුවල ධම්මරතන හිමියන් යළි පත්කෙරුණා.
(colombotimes.lk)