colombotimes.lk
සිංහල | English

08 September 2024


සජිත් නවසීලන්ත පාර්ලිමේන්තු කථානායකවරයා හමුවෙයි



විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ මෙරට සංචාරයක නිරත නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක කිරීබ් බ්‍රවුන්ලි අතර හමුවක් අද (13) පැවැත්වුණා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී බවයි වාර්තා වන්නේ.

එහිදී වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික පසුබෑම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

එමෙන්ම ඇති වී තිබෙන මෙම තත්ත්වයෙන් මිදීම සඳහා තමා සතුව පවතින වැඩපිළිවෙලද විපක්ෂනායකවරයා නවසීලන්ත කථානයකවරයාට ඉදිරිපත් කළා.
(colombotimes.lk)