colombotimes.lk
සිංහල | English

18 October 2024


සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දිගු වෙයි



සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

2023-09-14 දින සිට සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. බියන්විල පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.

එම පත්වීමේ කාලසීමාව 2024-09-13 වන දිනයෙන් අවසන් වීමට නියමිතයි.

එමනිසා ඔහුගේ ධූර කාලය 2024-12-31 වනදා දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.      
 
(colombotimes.lk)