colombotimes.lk
සිංහල | English

20 May 2024

PHOTOS | මහඑළිය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ හත්දෙනෙක් අත්අඩංගුවට



කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත් දෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ ඒකකයේ නිලධාරීන් සහ බගවන්තලාව පොලීසියේ නිලධාරීන් ඒකාබද්ධව දියත් කළ මෙහෙයුමක් මඟින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ වතුයායක පදිංචි අවුරුදු 20-30 වයස් කාණ්ඩවල පසුවන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)